Pages

Followers

Monday, March 25, 2013

පළා බබා අපිට එපා

හිටපු ආරක්‌ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාට අනුව සනත් ජයසුරිය ඒ කාලේ බෝල කුඩුවෙන්න පිටියේ     හතර වටේටම පහර දුන් විලාසයෙන් පලා බබාට එලව එලවා දුවන්නම පහර දුන්නේ  දිවයින පුවත් පතේ වම් ඉවුර තීරුව හරහා  සී. ඒ. චන්ද්‍රප්‍රේම  මහතායි. ඔස්‌ටින් ප්‍රනාන්දු වැනි මහත්වරුන් ජි ඇල් පිරිස් මහත්වරුන් අපේ රටේ ඉතා වැදගත් මහත්වරුන්ය නමුත් මේ මහත්වරු නිසා දේවල් සිදුවන පිලිවල කිසිම විදියකින් වෙන්නේ නැත. පවත්නා තත්වය අර්ථ දක්වමින් අපි මිය යනතුරු සිටින වැදගත් මහත්වරුන්ට වඩා පවත්නා තත්වය වෙනස් කරන දැන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහ සනත් මෙන් පන්දුවට පහර දෙන  සී. ඒ. චන්ද්‍රප්‍රේම  වැනි ඔලුවක් මෙන්ම ශරීරයක් ඇති ලියන්නන්ට මම කැමැත්තෙමි. හොඳ අදහස් ඕනෑ තරම් තිබේ අපිට අවශ්‍ය  ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක්, ශරීරයක් ඇති මිනිසුන්ය.

කිසිදු තාර්කිකත්වයක් නැති කිසිදු වැදගම්මක් නැති දෙයක් වන පළාත් සභා යනු ඉතා ජාතිවාදී පදනමක්‌ මත  බෙදා වෙන් කර ඇති බෙදුම්වාදී දේශපාලන පරිපාලන ව්‍යූහයකි. පළාත් සභා ස්ථාපිත  කරනු ලැබුවේ අපේ රටේ  දැන් පවත්නා  ජාතික අභිරුචිය උදෙසා නොව එකල  ඉන්දියාවේ උවමනාවට සහ කොටි පරාජය කිරීමට ගැසූ ගැටයක් ලෙසිනි. මේ ගැටය සාර්ථක වුයේද නැත. ඩිල් දමා සැබෑ ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔප්පු කරමින් කොටි ප්‍රශ්නය ඉවර වූයේ පළාත් සභා නිසා නොව ත්‍රස්‌තවාදී කැරලි කරුවන් රජයේ හමුදා විසින් පරාජය කොට මර්ධනය කිරීමෙනි.  පලා බබා අපේ රටට දුන් ඉටිගෙඩියක් නැත.

ඕවරයකට හයේ පාරවල් හයක් ගසන පිතුකරුවෙකු මෙන් සී. ඒ. චන්ද්‍රප්‍රේම  මහතා වැනි අය පළාත් සභා මොනතරම් පුස්සක් දැයි පෙන්වා දී ඇති නිසා එම කාර්ය නැවත නැවත කිරීමට මම වෙහෙස නොවෙමි.

අන්තර්ජාල බ්ලොග්  අවකාශයේ  මෙම ගැටලුව මෑත කාලයේ යලි කරලියට එන්නේ මාතලන්  බ්ලොග්කරු ලියු  "ඉන්දියාවේ බබා. හදන්නලු ඔබා.." නම්  සටහන සමගිනි. එහි මැතිවරණ ක්‍රමයේ සිට මැතිවරණ පවත්වන අකාරය ,දේශපාලන පක්ෂ අපේක්ෂකයින් ඉදිරිපත් කලයුතු අන්දම සහ ධූර කාල සිමා පිලිබඳ  පුළුල් පරාසයක් දක්වා යෝජනා ඉදිරිපත්කර ඇත මා ඉන් මෙහි අවධානය යොමු කරන්නේ පළාත් සභා පිලිබඳවය. ඒ පිලිබඳ එයට ලැබුන පතිචාර අතර    බුවාගේ සිතුවිලි !   මෙසේ කියා තිබුණි.

//පලා බබා එපා තමයි හැබැයි අහෝසි කරන්න කලින් විකල්පයක් ඕනි . දෙමල ජනතාවට විතරක් නෙවෙයි සිංහල මිනිස්සුන්ට වුනත් රාජ ආණ්ඩුවක් එපා නම් බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුමයි .//

බුවාගේ මෙම ඉල්ලීම අසාධාරණ නැත බලය විමධ්‍යගත විය යුතුය හැබැයි එය විය යුත්තේ ජාතිවාදී බෙදුම්වාදී පදනමකින් නොවිය යුතුය. මගේ මුලිකම තර්කය එයයි බලය විමධ්‍යගත විය යුත්තේ රටේ නිෂ්පාදන සහ  වෙළඳපොල පදනම් කරගෙන මිස ජාතිය ආගම පදනම් කරගෙන නොවේ.

ලංකාවේ දැන් පවතින  පළාත් සභා නැත්නම් ලංකාවේ ආණ්ඩු ක්‍රමය රාජ ආණ්ඩු ක්‍රමයක්ද? ගාල්ලේ අක්මීමන ආසනයේ පුද්ගලයෙකුට තමන් පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන නියෝජිතයෙක් ඉන්නවා. මිට අමතරව ප්‍රාදේශීය ගැටළුවක් නිරාකරනය කිරීම සඳහා අක්මීමන ප්‍රාදේශීය සභාව තුල නියෝජිතයෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තියනවා. දැන් මිට අමතරව අතර මැද  දකුණු පළාත් සභාව කියල එකක් තියනවා එකේ අනර්කලී නංගි සහ මුතුහෙට්ටිගම අයියා ඉන්න එකෙන් ප්‍රයෝගික තලයේ ගැටළුවක් විසදා ගැනීමට අක්මීමන ආසනයේ පුද්ගලයෙකුට  වැඩි අවස්ථාවක් ලැබෙනවද ? නැහැ මේකෙන් වෙන්නේ වැඩකට නැති අනවශ්‍ය වියදමක් සුදු අලියෙක් වැනි තව විශාල ආයතනයක් සහ  පුද්ගලයින් මහජන මුදලින් නඩත්තු කිරීම විතරයි. මධ්‍යම රජය සහ ප්‍රාදේශීය සභාව අතර සිදුවෙන ගනුදෙනුව අතර මැද කිසිම තාර්කික හේතුවක් නොමැතිව පවතින පළාත් සභාව නම් පිළිලය ඉවත් කරලා ප්‍රාදේශීය සභාවට දැන් තියනවට වඩා බලතල දෙන එක බලය විමධ්‍යගත කිරීමේ වඩා එක් පලදායී ක්‍රමවේදයක් නොවේද?

ඊළඟ කරුණ  තමයි  බලය බෙදී යෑම ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය අමතක කරන වැදගත්ම කාරණය. ලංකාව යනු ඉතා කුඩා දුපතකි යන්න. මේ පුංචි රට මහා මෙරක් තරම් කරගෙන දඟලන්න දෙයක් නැහැ.  මේ ලෝකේ අන්තර්ජාලය මගින් ගනුදෙනු කරන කාලේ.  ඉස්සර පරෙයියන් මේල් ගෙනියන අශ්වයෝ පිටේ ගමන් යන කාලේ පවා ලංකාව එක රටක් විදියට පාලනය කරන්න  අවශ්‍ය වුනේ පළාත් තුනකට කඩාගැනීම විතරයි. මේ පළාත් තුන තමයි අපි කවුරුත් දන්නා  රුහුණ, රජරට සහ මලය රට කියන පළාත් තුන. මගේ අදහස නම් මේ යුගයේ ඇති තාක්ෂණික දියුණුව නිසා දැන් මේ කුඩා රටේ ප්‍රශ්න කළමනාකරණය කරගැනීමට  නම් පළාත් තුනකට වත් බෙදන්න ඕනෑ නැති බවයි.

 බලය විමධ්‍යගත විය යුතුය කියා කියන අය මෙය පුන පුනා  කියන්නේ කළමනාකරණය කරගැනීම පිලිබඳ ගැටලුව නිසාම නොවේ මෙහි නොකියනා දෙය නම් දෙමල දේශපාලන ගැටලුවයි. මෙය අපි පැහැදිලිව වෙන් කරගත යුතුය. මෙය කවුරුත් කතා කරන්නට අකමැති තැනයි  ලංකාවේ දෙමල මිනිසුන්ට වෙනම රටක් ඕනැ කියල විස්වාස කරන මිනිසුන් සංවිධානය කරලා  කොටි   ත්‍රස්‌තවාදී කැරැල්ලක් ගහනවා මේ කැරැල්ලට හේතුව බලය විමධ්‍යගත වෙලා  රටේ කළමනාකරණය හරියට සිදු නොවීම කියන එක කියල මම හිතන්නේ නැහැ.  මේක කළමනාකරණ ගැටළුවක් නොවෙයි දේශපාලන ගැටළුවක් ඒ ගැටලුව රට ඇතුලේ එක්තරා ලෙසකින්  විසඳුනේ නන්දිකඩාල් වලදී කැරැල්ල මැඩ පැවැත්වීම සමගයි. වෙනම රටක් ඉල්ලන අයට පළාත් සභා වැඩක් නැහැ.රටින් එළියේ ඉඳන්  තාමත් වෙනම රටක් ඕනෑ කියන අයට ලෝකය ඉදිරිපිට මතවාදීව මුහුණ දෙන්නේ කොහොමද කියන එක අපිට මුණ දෙන්න තියන වෙනම ගැටළුවක්.

 අපි බලය විමධ්‍යගත කරගත යුත්තේ දෙමල දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලෙස නොව රටේ නිෂ්පාදන සහ  වෙළඳපොල පදනම් කරගෙන වෙළඳ ගනුදෙනු පහසුවෙන් සහ සාධාරණව ඉටුකර ගැනීම සඳහා හැම පුරවැසියාටම ඇති අයිතිය තහවුරු කරදීම සඳහාය. මෙයට ජාතිබේද අදාල නැත.  මේ සඳහා මුලිකවම  ගත යුතු ප්‍රධාන පියවරක් නම්  පළාත් සභාව නම් පිළිලය රටින් ඉවත් කර දැමීමයි.

Monday, March 18, 2013

නව A6 අධිවේගී මාර්ගය - රැඩිකල් වෙනසකට යෝජනා -1

මගේ සහෘද බ්ලොග් කරු මාතලන් මේ දිනවල ගරිල්ලා මාකටින්  නමින් ලිපි පෙළක් ලියයි.  රැඩිකල් වෙනසකට යෝජනා  නමින් ලකාවේ දේශපාලන දැක්මට මගේ යෝජනා අඩංගු ලිපිපෙළ  මම ලියන්නේ ඊට සමගාමීවය . රැඩිකල් වෙනසක් යන වචනය එක්සත් ජාතික පක්ෂය මෑතකදී හඳුන්වා දුන් එකක් වුවද මගේ මේ යෝජනා එම පක්ෂයේ  රැඩිකල් වෙනස තේමාව සමග කිසි සම්බන්ධයක් නැත.  ලකාවට රැඩිකල් වෙනසක්  අවශ්‍ය බව මමද විශ්වාස කරමි. මේවා කරන්නේ මහින්දද රනිල්ද ගෝඨාභයද බැසිල්ද කියා මට ගැටළුවක් නැත. යෝජනා ගැන අපි බුද්ධිමත් ලෙස මෙහි  සංවාද කරමු.   මගේ මේ මුල්  යෝජනාව තනි හුදකලා සංවර්ධන යටිතල පහසුකමක් ලෙස බැලූ බැල්මට පෙනුනද  සමහර මගේ ඉදිරි දේශපාලන  යෝජනා වලට අදාල මුතු ඇටයකි   පසුව නුලක් දමා එක හුයකින් මේවා යා කල හැකි වනු ඇත. මගේ යෝජනා මම කරන්නේ රටට ගැලපුනත් නැතත් මගේ ගම පැත්ත සංවර්ධනය කරන්න ඕනෑ යන පටු අරමුණින් නොව පැහැදිලි දේශපාලන ආර්ථික අරමුණකින්ය.

ලංකාවේ පහත මාර්ග සිතියම බලන්න

(සිතියම උපුටා ගත්තේ www.mapsofworld.com  වෙබ්  අඩවියෙනි  )

දැන් කොළඹ සහ ත්‍රිකුණාමලය යාවි ඇති A6 මාර්ගය වෙත ඔබේ අවධානය යොමු කරන්න . හරියටම අඩිරූලක් තියා ඇන්දාක් මෙන් හරි කෙලින් සරල රේඛාවක් මෙන්   A6 මහා මාර්ගය  කුරුණෑගල, සිගිරිය හරහා යමින්  දැනටමත්කොළඹ සහ ත්‍රිකුණාමලය යාවෙමින්  ඇත.
මෙම මහා  මාර්ගය ලංකාවේ ප්‍රධානතම අධිවේගී මාර්ගය ලෙස සංවර්ධනය කලයුතු බව මම යෝජනා කරමි. මෙය අහඹු තෝරා ගැනීමක් නොවේ ඉදිරියේදී යෝජනා කරන අනිකුත් යෝජනා වලට මෙය සම්බන්ධය.
මෙය අදියර තුනකින් නිම කල හැක.

1. කොළඹ සිට කුරුණෑගල දක්වා - Kurunagala Turnpike
2. කුරුණෑගල  සිට සිගිරිය දක්වා  - Sigiriya Turnpike
3. සිගිරිය සිට ත්‍රිකුණාමලය දක්වා  - Trinco Turnpike

.  සිහින දැකීමට මට ඇති ශුද්ධවූ අයිතිය භාවිතා කරමින් මේවා ලිව්වට කවුරුවත් හිත  අමනාපකර ගන්න එපා. මෙම යෝජනාව පිලිබඳ  පාඨකයාගේ අදහස් අගය කොට  සලකමි එමෙන්ම ඇනෝනිමස්  ප්‍රතිචාරද අගයකොට සලකමි.

Wednesday, March 6, 2013

ලසිත් මාලිංග භය නැතිව මුන්ට මැද ඇඟිල්ල උස්සපන්

 සිංහලෙන්   journalist යන ඉංග්‍රීසි වචනයට තේරුම ඉස්සර නම්   පුවත්පත් කලාකරු යන්නයි. දැන් මෙයට ගුවන් විදුලිය රුපවාහිනී වැනි මාධ්‍ය එකතු වී ඇති නිසා දැන් ඕනෑ නම් මාධ්‍යකරු  ලෙස කිව හැක.  මෙය රැකියාවකි  මාළු කාරයා  ,කරත්ත කාරයා ,පාන් කාරයා පත්තර බෙදන පත්තරකාරයා පවා කරන්නේ මේ වැනිම රැකියාවකි. හැබැයි ලංකාවේ දී සමහර රැකියා වල යෙදෙන අය අනෙකුත් සමහර රැකියා වලට වඩා මාර උසස් අපි වන්දනා මාන කලයුතු අමුතුම පිරිසක් බව සමාජය සිතයි. ලංකාවේදී මාධ්‍යකරුවන් නිකම්ම නිකම් අය නොව අපි පිදිය යුත්තන්ය මේ අය හඳුන්වන්නේ මාධ්‍යවේදීන් කියාය. විද්යාඤයින් පිරිසක්ය. ලංකාවේ හැම දෙයක්ම ඔහොමය දොස්තරලා නැත ඉන්නේ වෛද්‍යවේදීන් ය  අපි වැනි නිකම්ම නිකම් පාන්කාරයෙක්  වැනි කෙනෙක් ඉස්පිරිතාලෙට ගිය විට  ඕනෑම පාර්ට් එකක් දැමීමට මේ ඉහල රැකියා කරන අයට පුළුවන්ය. හැබැයි කිසිකෙනෙක්ට මේ ඉහල පිදියයුතු  රැකියා තියන අයට පාට් දැමිය නොහැක.ලංකාවේ කළා කරුවන් නැත ඉන්නේ කලාවේදීන්ය  මේ අයට අපි පිදිය යුතුය. කැමරා මයික් උස්සන් පුවත් වාර්තා කිරීමට යන reporter පවා මාධ්‍යවේදී( මාද්‍යවිද්යාඤ) මාර පොරවල් පිරිසක්ය මේ අයට අපි මාර විදියට ගරු කල යුතුය. අහන ඕනෑ ප්‍රශ්නයකට සීරුවෙන් සිටගෙන පිළිතුරු දිය යුතුය. නැත්නම් රටපුරා මාධ්‍ය මගින් පෙන්වා කුජිත කර දමනු ඇත.
පසුගියදා මේ දෙවිවරු වන් වරප්‍රසාද ලත් රස්සා කරන අයට මාලිංග වැනි ගමග කුජිත බාබර් රස්සාවක් කර කර ඉඳ පසුව ක්‍රිකට් ගහන්න ආ පොරක් හිත රිදෙන සේ කතා කර ඇත.  මෙය හෙන ගහන අපරාධයකි. ක්‍රිකට්කාරයන්ට  මාධ්‍යවේදීන්ට මෙහෙම පාට් දැමිය නොහැක ගමේ බාබර් කෙනෙක් වී ඉඳ පසුව පොරක් වූ පොරකට කොහොමවත් නොහැක.  ගමේ පොල් කඩන පොරක් වී සිටි නිසා කොතරම් සල්ලි  තිබුනද අනෙක් අයට පාර්ට් දැමිය නොහැක. ලංකාවේ ලොක්කන්ට පොඩ්ඩන්ට පාට් දැමිය හැක නමුත් පොඩ්ඩන්ට ලොක්කන්ට  පාට් දැමිය නොහැක. මාලිංග මොන යෝකර් පන්දු  දැම්මත් ක්‍රීඩාවේදියෙක් යැයි හැඳින්වෙන්නේ නැත, ඌ  පැපරාසි මෙන් මයික් කැමරා උස්සන් පස්සෙන් එන දෙවිවරු වන් මාධ්‍යවේදීන් ට කතා කරන්නන්ට දන්නේ නැත. 

අපේ මහජනතාවද මාධ්‍ය-වේදීන් මෙන්ම මාර සංවර පිරිසක්ය මේ අය කවදාවත් කාටවත් පාට් දමන්නේ නැති අයයි  මාලිංග නම් ගස් ගෙඩි කඩමින් ඉඳ පසුව ක්‍රිකට් ගහන්නට ආ කොල්ලා අසංවර ලෙස   මාධ්‍ය-වේදී රිපෝටර් වහන්සේ කෙනෙක්ට කතා කිරීම නිසා ෆේස් බුක් සමාජ ජාලයේ සිටින දහසක් සංවර සීලයන් රකින අපේ ජහමනයාගේ සිතද හොඳටම රිදී ඇත, මේ දිනවල  ෆේස්බුක් පිටු පුරා ඇත්තේ මේ මාලිංග විරෝධයයි. මාලිංග නම් පුද්ගලයාට මාධ්‍යවේදීන්ට බනින්න බැරිය ජනතාව මාධ්‍යවේදීන් සමගය මාධ්‍යවේදීන් රජතුමා සමගය ඒ සෙල්ලම් ලංකාවේ නොහැක. මාධ්‍යයට ගරු කළ යුතුය. 


 ගරු කටයුතු මාධ්‍යවේදියාට  මාලිංහ කියා ඇති කුණුහරුප මෙසේය (කරුණාකර පොඩි අය බලන්න එපා හරිම අසභ්‍යයි)

1.  මොකක්ද..කන්ට්‍රැක්ට්.. අපි මේ පාටියක් තිබ්බ ඒකට පොඩ්ඩක් ආවා.
 මොකක්ද?..ඒ මං මේ පොඩි ෆන්ක්ෂන් එකකට ආවෙ..කන්ට්‍රැක්ට් එකකට ආපු කට්ටියගෙන් අහගන්න ඉන් පසු ඔරවමින් වාහනයේ නැගී පිටව යයි.
(මේ එරවිල්ල ඉතා අසභ්‍ය සහ අසංවරය)

2. ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනව මනුස්සයො(මෙතැන මනුස්සයෝ කියන්නේ අසභ්‍ය ස්වරයකින්ය) යන්න.ඉන්පසු  ඔහු වාහනයේ දොර හයියෙන් වසා දමයි.
(මේ දොර වැසීමේ ශබ්ධයෙන් අතිගරු මාධයවේදියා ගේ කන් අඩි පුපුරා ගොස් ඇත,)

මෙවැනි වැඩ ලංකාවේ හීනෙකින්වත්  වෙන වැඩ නොවේ මෙවැනි හැසිරීමකට රජකාලේ දඬුවම් දිය යුතුය. මාලිංග හැසිරීම ඉගෙන ගත යුතුය මෙය ලංකාවේ ඉතා පහසු දෙයකි උත්තරීතර පාර්ලිමේන්තුවට දවසක් ගියානම් මාලිංග වැනි අසංවර පොරකට සංවරව කතා කරන හැටි ඉගෙනගත හැක. අර අචාර්ය මර්වින් සිල්වා ඇමතිතුමා පවා දැන් ආපසු ඇවිත් ඉන්නේ එයාගෙන් පවා පැපරාසි පොරකට උනත් සංවරව කතාකරන්නේ කොහොමද  කියල ඉගෙන ගන්න පුළුවන්.

දිවි නොතකා අප වෙනුවෙන් සුදු වෑන් වලට නොබියව මහුණ දී  දිවි පරදුවට තබා පැත්තක් ගියත් ඇත්ත කියන කිසිදා රජෙක්ටවත් කඩේ නොයන බැවින්   මාධ්‍යවේදීන්ට අපි මිට වඩා ගෞරව කල යුතුය. අපේ ජනතාව මාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය තුල ක්ෂණිකව තමන්වත්  ස්ථානගත කරගෙන මාලිංගට ඇස්ටි හැලෙන්න දුන්නේ මේ නිසා විය යුතුය.
මාලිංග උද්ධච්ච මනුස්සයෙක් විය හැක මට එය අදාළ නැත එය මාලිංගගේ කැමැත්තයි මාලිංග උද්දච් වීම නිසා හිත රිදවාගැනීමට තරම් මම නම් බබෙක් නොවේ,  නමුත් අපේ බුද්ධිමත් රහසින්වත් පව් නොකරන තැන්පත් විහිලු නොකරන කේන්ති නොයන පරුස වචන නොකියන අහිංසක ජනතාවට රිදී ඇත.