Pages

Followers

Friday, June 14, 2013

වර්ගවාදී නොවන ලෙස බෙදූ ප්‍රාන්ත දෙකක ලංකාව || Non-Racist Two-State Solution-රැඩිකල් වෙනසකට යෝජනා -2

 රට ජනවාර්ගික පදනම මත බෙදන ජාතිවාදී දෙමල ඊළාම් වෙනම රාජ්‍යය වෙනුවට වර්ගවාදී නොවන විකල්ප රටබෙදීමේ සිහිනයක් මට ඇත. (non-racist alternatives to the Tamil Eelam)  දැන් ඕනෑ නම් ඉතිරි හරිය නොකියවාම රට බෙදන්න යනවා යැයි කියා  දේශප්‍රේමී බොග බල සේනා පොලු මුගුරු ගෙන මා සොයා එන්නට පුළුවන. මට මගේ බොහෝ බ්ලොග් සටහන් ලියවෙන්නේ මාතලන්ගේ බ්ලොග් අඩවියේ ලිපි වලට සමගාමීවය  ඇනෝ මල්ලිලාට අනුව මේ එකිනෙකාගේ පිට කසාගැනීම්ය. නමුත් එයට හේතුව ඔහු ලියන බ්ලොග් සටහන් මා නොවරදවා කියවන බැවිනි. ඒවා ඇත්තටම මා කියවන්නේ බරපතල දේශපාලන ලිපි ලෙස නොව ඒවා මට විනෝදය සපයන බැවිනි. මම මේවා ලියන්නේද ඉන් මට විනෝදයක් ගෙනෙන නිසාය.  බොහෝ බරපතල සීරියස් දේශපාලනික කතා කියන අයද නොකිව්වාට ඔය හැම බරපතල කතාවක් යටම ඇත්තේ මේ රහසයි. විනෝදයට sex කලවිට සමහර විට ළමයි හම්බවෙන්නද පුළුවන. අපි විනෝදයට ලියන දේවල් වලින් ළමයි හම්බවිම මගේ අරමුණ නොවුනත් අතුරු පලයක් ලෙස කවුරුන් හෝ කවදාක හෝ වැඩක් ගත්තොත් එයින් අවැඩක් ද  සිදු නොවේ. බ්ලොග් සටහන් වලින් මොකක් හරි දෙයක් විය හැකි බවක්    සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....යනුවෙන් සටහනක් මයියා ගේ බ්ලොග් අඩවියේ පලවී තිබුණි. ඉතින් මම මගේ විනෝදය තකා ලියමි. කවුරුවත්  මේවා දැනට සීරියස් ගත යුතු නැත.
දේශපාලන ප්‍රශ්නයකට විසඳුම් දේශපාලනිකව සොයනවා වෙනුවට පරිපාලන විසඳුම් යෝජනා කරනවා යැයි මෙහිදී මගේ වාමාශික  මිතුරන් කියන්නට පුළුවන. එයට කියන්නට ඇත්තේ ප්‍රභාකරන් දෙමල ජනතාවගේ දේශපාලන ප්‍රශ්නය යුද්ධ කිරීම නම් ක්‍රමය හරහා දේශපාලනිකව විසදාගන්නට 30 වසරක් තිස්සේ  උත්සාහ කර  පරාජයට පත් විය. යුද්ධ පරාද වීම යනුද දේශපාලන ප්‍රශ්නයක් දේශපාලනිකව පරාජය වීමකි. හිට්ලර් පරාජය වීමෙන් පසු ජර්මන් නාසිවාදය තවදුරටත් දේශපාලන ප්‍රශ්නයක් නොවේ එය අදාළ නොවේ. එය ඉන්පසු කෙලවර වූයේ  යුදෙව්වන්ට  ඊශ්‍රායලය නම් තමන්ගේම රටක් තනාදීමෙන්ය. මෙය යුද්ධයෙන් පසුව ආ පරිපාලනික විසඳුමකි.
මෙම ලිපිය මා මිට කලින් ලියන ලද "පළා බබා අපිට එපා" සහ මා යෝජනා කරන ලද "නව A6 අධිවේගී මාර්ගය - රැඩිකල් වෙනසකට යෝජනා -1" ලිපියට කෙලින්ම සම්බන්ධ වෙන බැවින් ඒවා නොබැලු අය මෙම අදහස සලකා බැලීමට පෙර එම ලිපි දෙක කියවන්න. එම ලිපියෙන් මම යෝජනා කරන ලද අධිවේගී මාර්ගය යනු මම අද ඉදිරිපත් කරන ජන වර්ගවාදී නොවන ලෙස පරිපාලනික කලාප ලෙස පමණක් බෙදුන විකල්ප ප්‍රාන්ත දෙකකින් සමන්විත  ලංකාවේ ප්‍රාන්ත වෙන්වෙන දේශසීමාවයි. ඉන්පසු මගේ සිහින ලංකාව  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නොව එය හැදින්විය හැක්කේ  "එක්සත් ද්වීජනපද ශ්‍රී ලංකාව ." ලෙසය.

මා මෙසේ ලංකාව දෙකට බෙදන්නේ මිනිස්සුන්ට මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන් පහසුවෙන්  ගන්න වැනි එනම්  ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න එක, පාස්පෝට් ගන්න එක, අයිඩෙන්ටිය ගන්න  වැනි මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන් සපයා ගැනීම පහසු කරන පරිපාලන අරමුණු සඳහාවත් බලය විමධ්‍යගත කිරීම නම්  සංකල්පය සාක්ෂාත් කරගැනීම  සඳහාවත් නොවන බව  මුලින්ම සඳහන් කල යුතුය. ලංකාව වැනි පුංචි රටක ඕවා කිරීම සඳහා අවශ්‍ය වන්නේ සුදු අලි වැනි රටේ ධනය කබාසිනියා කරන පළාත් සභා වැනි ආයතන නොව  මොලේ තියන දේශපාලකයින් සහ පරිගණක ඉංජිනේරුවන් ගෙන් වැඩ ගැනීම සහ රජයට  අධිබල පරිගණක නෙට්වර්ක් එකක් පමණි. පළාත් සභා  වල ඉන්නා කසිප්පු දේශපාලකයින් නඩත්තු කරන මුදල් වලින් අපේ රටේ ඉන්නා අති දක්ෂ පරිගණක ඉංජිනේරුවන් ට  මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන් සපයා ගැනීම පහසු කරන ක්‍රම දියුණු රට වල මෙන් සැදීමට අවශ්‍ය වෙන්නේ රටේ  පළාත් සභා වලට වැය කරන ධනයෙන් සුළු ප්‍රතිශතයකි. මිට අමතරව  බලය විමධ්‍යගත කිරීම නම් සංකල්පය ලංකාව වැනි රටකට  මොනතරම් විකාර වැඩපිළිවලක් ද   යන්න සී . ඒ , චන්ද්‍රප්‍රේම මහතා ගැඹුරින් පෙන්වා දී ඇති නිසා එය මම කතා නොකරමි. මගේ ප්‍රාන්ත දෙකේ ලංකාවේ අරමුණ මේ දෙකම නොවේ.
මා මේ විසඳුම යෝජනා කරන්නේ
1. යුද්ධයෙන් පසු අපිට ශිෂ්ඨ ජාතියක් ලෙස  අන්තර්ජාතිකව අපේ ප්‍රතිරූපය නැවත දිනා ගෙන රටක් ජාතියක් ලෙස නැවත ලෝකය තුල ගෞරවයෙන් සදාචාරාත්මක ලෙස පෙනී සිටීම සඳහා මාවතක් ලෙස මෙන්ම දැන් ඉතිරිව සිටින ජාතිවාදී දෙමල බලලෝභී දේශපාලකයින් නිරුත්තර කිරීමට සහ පළාත් සභා නම් සුදු අලියා අහෝසිකර එළවීමට මාර්ගයක් විවර කර ගැනීමට.  (දේශපාලන අරමුණ)
2. ප්‍රාන්ත දෙක අතර බිහිවෙන ආර්ථික සහ සමාජීය තරඟය නිසා වඩාත් සෞභාග්‍යයමත් රටක් ඉක්මනින්  බිහිවෙන නිසාය.(ආර්ථික හා සමාජීය අරමුණ)
 සිංහල ජනතාවට සහ දෙමල ජනතාවට ජනවාර්ගික පදනම අනුව භුමිය සහ බලය බෙදා වෙන් කර නොගෙන  සහයෝගයෙන් සහ සාමයෙන් එකට විසිය නොහැකිය යන්න මිත්‍යාවකි. මෙය කිව හැක්කේ කිසිදා කොළඹ ගොස් නැති කෙනෙකුට පමණි.
ජනවාර්ගිකත්වය පදනම් කරගෙන භුමිය  සහ බලය බෙදන පළාත් සභා ක්‍රමය හෝ දෙමල ඊළාම් රාජ්‍ය හෝ වෙන ඔනෑම ක්‍රමයක්  සමාන වන්නේ වර්ගවාදයටයි. ( Provincial Councils, Tamil Eelam , any   racist alternatives, Equals Racism:) මා ලංකාව ප්‍රාන්ත දෙකකට බෙදන්නේ ජනවාර්ගික පදනම අනුව නොව කොළඹ සහ ත්‍රිකුණාමලය වරායවල් යා කරන සරලරේකා මාර්ගය ප්‍රාන්ත දේශසීමා ව ලෙස පමණක් සලකා සංකේතාත්මක  ආර්ථික සමාජීය අන්තර්ජාතික රාජතාන්ත්‍රික දේශපාලනික සංකල්පයක් ලෙස කෘතිමවය. වෙනත් විදියකට කියන්නේ නම් අපේ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම ඉන්පසු උඩ ප්‍රාන්තය සහ යට ප්‍රාන්තය අතර මහා මංගල්‍යක් ලෙස සිදුවන්නක් මිස ඉන්දියානු IPL කොපියක් නොවේ.

කෙනෙකු මේ මොහොතේ මා මේ කියන දෙය “out of the box” විකාරයක් ලෙස හිතෙන්න පුළුවන් ඒත් අපේ රටේ  පළාත් සභා වල ප්‍රාදේශීය සභා වල පාර්ලිමේන්තුවේ ඉන්නා මිනිසුන් මුකුත්ම නොකර තමන්ට අදාළ කිසි දෙයක් නොකර ඉන්නා නිසා මගේ මේ හීතලට පේන “out of the box” සිහින වලට වැදගත් කමක් තියනවා කියල මට හිතෙනවා.  ඒක නිසා මේ සිහිනය බරපතලව ගන්නා රටට ආදරය කරන මේක කියවන කීප දෙනාට මගේ මේ සිහිනයේ න්‍යායික පදනම පැහැදිලි කරන්නම්.
ජාතිවාදීන් වර්ග දෙකක් ඉන්නවා අමු වර්ගවාදීන්(බොගබල Nazi ෆේස් බුක් සේනා ,ඊළාම් කොටි ) සහ සංස්කෘතික ජාතික වාදීන්(නලින්ලා,චම්පිකල සහ මම නම් නොදන්නා දෙමල සංස්කෘතික ජාතික වාදීන් ) . මෙහි මුලින් කිවූ බොගබල Nazi ෆේස් බුක් සේනා ,ඊළාම් කොටි මා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේපකරනව විරුද්ධයි ඒකට හේතු දක්වන්නවත් ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. දෙවැනි ලෝක යුද්දේ ඉවරවෙලා දැන් ගොඩක් කල් නේ ජර්මන් නාසි වාදය වගේ දෙයක් ගැන දන්නවනම් මේ මුකුත්  නොදන්න බබාලට උත්තර දෙන්න 2013 පරක්කු වැඩියි.ඒක නිසා මෙතැන් සිට ඔවුන් නොසලකා හරිමි. නමුත් නලින් ල චම්පිකල ලේසියෙන් මගාරින්න බැහැ . මොකද මේ ජාතික චින්තක සංස්කෘතික ජාතික වාදීන් ගේ තර්කය   නූතන ලිබරල් දෘෂ්ටිකෝණයකින්  පවා යම් තාර්කික බවක් පෙන්වලයි ඔවුන් තර්ක කරන්නේ. ඒ නිසා මේ පළාත් සභා ,දෙමල වෙනම රාජ්‍ය, බලය සහ භුමිය ජනවාර්ගිකත්වය මත බෙදා ඉල්ලීමේ දී සහ බෙදා නොදීමට ඉදිරිපත්විමේදී මේ ජාතික වාදීන් ඉන්නා ස්ථාවරය සහ සහ මගේ මේ ප්‍රාන්ත දෙකේ යෝජනාවට අදාලව මා ඉන්නා ස්ථාවරය මම න්‍යායිකව පැහැදිලි කරන්නම්.
සංස්කෘතික ජාතිකවාදය - Cultural nationalism
මේ අය දෙමල හෝ සිංහල වුවද කෙතරම් එකිනෙකා සම්මුතිගත නොවුවද දෙපැත්තටම ඇත්තේ  කියන්නේ එකම තර්කයකි මේවා ඉතා රසවත්ය  නලින් ජාතික චින්තනය ගැන කියන දේ ඕනෑම සිංහල බෞද්ධයෙකුට කනේ මි පැණි දානවාක් මෙන් නොවේද? ඒවා කියවන විට මට නම් පොඩි කික් එකක් දැනෙයි. තාර්කිකය රසවත්ය  දෙමළ ජාතීන්ටද ඔවුන්ගේ  නලින් සිල්වා කෙනෙක් ඇත්නම් දෙමල ජාතික චින්තනයේ දේවල්  ඒවා ඔවුනට එසේම රසවත් විය යුතුය. දෙමල ජාතික වාදීන්මේ අපේ දෙමල සංස්කෘතික උතුරයි ඒ නිසා  බලය බෙදා දෙන ලෙස ඉල්ලයි සිංහල ජාතිකවාදීන් බලය බෙදා නොදෙන්නෙමි මේ අපේ සිංහල රටයි කියයි හැබැයි දෙපැත්තම කියන දේ ඔවුන්ගේම තර්කයට අනුව දෙපැත්තටම එකසේ සත්‍ය බව දෙපැත්තම පිලි නොගනියි. දෙපැත්තම කියන්නේ මෙවැන්නකි සිහල බෞද්ධ සංස්කෘතිය /දෙමල සංකෘතිය නිසා එම අදාල ජනතාව එම ඔවුන්නට ආවේනික සංස්කෘතික වත් පිළිවෙත් වල නිදහසේ යෙදීම නිසා  ඔවුනට විශාල සතුටක් ලැබේ.   .
මෙතනට එනකං ඔවුන් දෙගොල්ලෝම නිවැරිදිය. මෙතනින් පසු ඔවුන් මෙයට රාජ්‍යය සහ බලය  පටලවා ගනී. අවුල ඇතිවන්නේ ඉන් පසුවය.
රාජ්‍යය සහ බලය මෙයට ආඳා ගැනීමට ඔවුන් කියන්නේ  මෙවැන්නකි සිංහල බෞද්ධයා විඳින සතුට අපි තවත් වැඩි කරනවා රාජ්‍ය/බලය යොදාගෙන  අදාළ සංස්කෘතියට රාජ්‍ය අනුග්‍රහය දක්වලා. මේ නිසා මිනිස්සුන්ට හැකිවෙනවා  තමන්ගේ සංස්කෘතික වත්පිළිවෙත් වල යෙදීලා ඒවා ඉදිරි පරම්පරාවට යවන්න.දෙමළ ජාතිකවාදීන් ද  වෙනම බලය ඉල්ලන්නේ මෙයටමය.මෙහිදී එක ප්‍රදේශයේ අධිපති සස්කෘතියක්  රාජ්‍ය/බලය යොදාගෙන තමන්ගේ අරමුණු සහ ස්ථාවර භාවය ආරක්ෂාකර ගැනීමයි. මෙහිදී රාජ්‍යයේ රටේ අරමුණු , පුද්ගලයාගේ අයිතීන් සහ ස්ථාවරත්වය අවතක්සේරු වේ.මේ දෙගොල්ලොගෙම සහ මගේ නයායික වෙනස සලකුණු වෙන්නේ මෙතැනිනි. මෙම ජාතික චින්තනය අමිශ්‍ර ලිබරල්වාදී සංකල්ප වලට දක්වන ප්‍රතිවිරෝධතාවය මෙයයි.  මම පිළිගන්නා අන්දමට   රාජ්‍ය/බලය  පැවතිය යුත්තේ ආගම ජාතිය නොසලකා රටේ හැම මිනිසුන්ගේම අරමුණු සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම සහ පුද්ගලයාගේ අයිතීන් තහවුරු කිරීමට මිස එක එක සංස්කෘතීන් ජාතින් වල අරමුණු සහ ස්ථාවර බව ආරක්ෂා කිරීමට නොවේ. (state/power to defend and support the goals and stability of the state, the  rights of the individual not particular cultures.)
මෙය තේරෙන උදාහරණයකින් කියන්නේ නම් මෙවැන්නකි.  සිංහල බෞද්ධයාට රාජ්‍ය/බලය ඇති පළාතක පන්සලක හැම පෝයටම පෙරහැරක් යනවා යැයි හිතන්න. එවිට රාජ්‍ය අනුග්‍රහය යොදලා හැම පෝයකටම ඒ   පැත්තෙන් යන ප්‍රධාන පාර අදාල සිංහල බෞද්ධ සංස්කෘතිකමය වත් පිළිවෙත සඳහා  වහන්න බලය යොදවනවා. අවසර දෙනවා. දැන් පොදු  පාර සිංහල දෙමල මුස්ලිම් හැමෝටම අයිතියි නමුත් අනෙක් ජාතින් අනිත් ආගම් ඒක ඉවසන්න වෙනවා. දෙමල ජාතිකවාදීන් කියන්නෙත් මේකම තමයි අපිට යාපනේ උතුරේ වෙනම රාජ්‍ය  බලය අපිටම දීපන් එවිට ඔවුනට කෝවිලේ සංස්කෘතික උත්සවයට අනික් මිනිසුන් ආගම් ගැන නොසිතා පොදු පාර බලය යොදා තමන්ට ඕනෑ හැටියටඕනෑම දවසක  වසා දැමිය හැක.
මෙවැනි ජාතික චින්තන වාදී දෙමළාට සහ සිංහලයාට මට කියන්නට ඇත්තේ මෙවැන්නකි  ඔබලාට සංස්කෘතිකමය අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය බලය යොදාගන්නවා වෙනුවට ඒවා පුද්ගලික අවකාශය තුල කරන්න. රාජ්‍යය ඇත්තේ  පුද්ගලයාගේ අයිතීන් තහවුරු කිරීම සඳහාය.එක එක සංස්කෘතීන් ජාතින් වල අරමුණු සහ ස්ථාවර බව ආරක්ෂා කිරීමට නොවේ.
මම  රටේ ආර්ථික, සමාජීය සහ රාජතාන්ත්‍රික හේතු නිසා සංකල්පීය ලෙස රටේ ආර්ථික සමාජීය සුභ සිද්ධිය තකා මෙවැනි නව තාලයකට  වර්ගවාදී නොවන විකල්ප ක්‍රමයකට රට බෙදන්නට කැමැත්තෙමි   නමුත් එක එක ජාති ආගම් සංස්කෘති වල වත් පිළිවෙත් ස්ථාවරත්වය සඳහා අනෙකුත් පුද්ගලයින් මත බලය යෙදවීම සඳහා ජනවාර්ගික පදනම මත බලය බෙදීමට අකමැතිය.
by ©Uditha Meegahathenna

Thursday, June 6, 2013

ගැහැණුන්ගේ ගල(කලව) අතගෑම සහ යුක්තියේ ආර්යාව


පසුගියදා රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකුට එරෙහිව කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට (දිවයින පුවත මෙතනින් බලන්න.) අසන ලද නඩුවකදී මහෙස්‌ත්‍රාත්වරයා මෙසේ කියා ඇත. "කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය"
යකාගේ හැටියට විමානය මෙන්ම දැන් ඉන්නේ  ලාංකිකයාගේ හැටියටම ගැලපෙන පාලකයින් පමණක් නොව අපේ බොදු බල තලිබාන් ජනතාවටම ගැලපෙන උසාවි සහ  මහෙස්‌ත්‍රාත්වරුද ඇත. අනේ වාසනාවන් ආශ්චර්යය උදාවී ඇත. අර හෙදිය මුස්ලිම් ගැහැනියක් මෙන් මුළු ඇඟම වහගෙන ගියානම් ඉවරය. ලංකාවේ කාන්තාවන්ටද බොදුබල ක්‍රමයට කහ සිවුරේ පාටින් මුස්‌ලිම කාන්තාවන්ට මෙන් ගෝනි ඇඳුමක් යෝජනා කල යුතුය.
එවිට සාධරණය සඳහා උසාවි හෝ නීති බල ගැන්වීම සඳහා පොලිසි අවශ්‍ය නොවේ උසාවි පොලිසි වසා දමා මහෙස්‌ත්‍රාත්වරුද ඇතුළුව සියලුම දෙනාට පැන්ෂන් යාහැක. මහජන මුදල් ඉතිරිකළ හැකි බැවින් රටට දැන් ඕනෑ වෙන්නේ මෙවැනි සාර්ථක ක්‍රම හඳුන්වාදීම කල හැකි  මුලධර්මවාදී' බල සේනාවක් පමණි. මහෙස්‌ත්‍රාත්වරයා නොකියා කියා ඇත්තේ දුෂකයන්  ගැහැනුන් දුෂණය කිරීම වැලැක්වීම සඳහා නිතිය පොලිසිය පෙනී සිටිනවාට  වඩා ගැහැණුන්ගේ කලවා වැහීම ද වැදගත් වන බවයි. අපිට නීතියට අධිකරණය විවේචනය කල නොහැක එබැවින් එම මතය මම  පිළිගනිමි. යුතුය එබැවින් නීතිගරුක පුරවැසියෙකු වශයෙන් මම ඒගැන මුකුත් නොකියමි. නිතිය දන්නා කියවන්නන්ගෙන් මට ඇතිවූ ගැටළු කිහිපයක් පමණක් අසමි.
යුක්තියේ ආර්යාව- Lady Justice
මහෙස්‌ත්‍රාත්වරයා ඉහත ප්‍රකාශය කර ඇත්තේ කාන්තාවක් තමාට සාධරණය ඉටුකර ගැනීම සඳහා නීතියේ පිළිසරණ සොයා ගිය අවස්ථාවකය. මා දන්නා පරිදි අපේ රටේ මෙන්ම බොහෝ රටවල අධිකරණයයේ යුක්තිය සංකේතවත් කිරීමට භාවිතා කරන පිළිමය වන  යුක්තියේ ආර්යාවද කාන්තාවකි. 15 වැනි සියවසේ පටන්ම යුක්තියේ ආර්යාව උසාවි ඉදිරිපිට පින්තුර ,ප්‍රතිමා වල ඉන්නේ  ඇස් වසා බැඳ ඇති පරිද්දෙනි. මෙයින් නිරූපණය වන්නේ නිතිය ක්‍රියාත්මක කිරීමේදී අන්ධ ලෙස යුක්තිය   "blind justice;" පසඳිය යුතුයැයි කියන න්‍යායික අර්ථ දැක්වීම මත පිහිටුවා උසාවිය කටයුතුකරන බව සංකේතවත් කිරීමයි.
මෙහි අර්ථය නම් උසාවියකදී නඩුවක් අසමින් තින්දුදෙමින් ඔබගේ ඉරණම තීරණය කරන පුද්ගලයා  යුක්තියේ ආර්යාව මෙන් අන්ධව සිය විනිශ්චය කලයුතු බවයි. තීන්දුව දෙන්නා ගේ ඇස් බැඳ ඇතිනිසා ඔබ කවුද යැයි ඔහු නොදකී. එබැවින් ඔහුගේ විනිශ්චය දැඩි ලෙස අදාල කාරනාවට නීතියේ අර්ථ දැක්වීම පමණක් සලකා බලා විනිශ්චය දීම  විෂයබද්ද (objectively) ලෙස  පමණක්  නීතියට සහ අදාල කරුණට පිටතින් ඇති වෙන දේවල්   වල බලපෑමක් නොවන ලෙස යුක්තිය ඉටුකිරීමයි.
උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් නඩුවක එක පාර්ශ්වයක චුදිතයා බෞද්ධ හිමිනමක් යැයි සිතන්න. ඔබ නඩුකාරයා යැයි සිතන්න. නඩුකාරයා වන ඔබ උසාවියෙන් පිටත පුද්ගලික ජීවිතයේ ඉතා දැඩි  භක්තිමත්
බෞද්ධයෙක් කියමු. අදාළ චූදිත හිමිනමට ගරු කරන දායකමහතෙක්. නමුත් උසාවිය තුලදී විනිසුරු අසුනේ සිටින විට ඔබගේ ඇස් යුක්තියේ ආර්යාව මෙන් බැඳ ඇති නිසා මේ චුදිතයා බෞද්ධ හිමි නමක් ලෙස ඔබ නොදකී. එබැවින් ඔබේ තීන්දුව ඔබ දරණ පුද්ගලික ඇදහීම් හෝ ඔබදරණ මතවාද වලින් කිලිටි පක්ෂපාත නොවී   අදාල කරුණට ඇති නීතියේ අර්ථදැක්වීම පමණක් පදනම් කරගෙන විනිශ්චය ලබාදෙනවා යන්න මෙහි අර්ථයයි. "blind justice;" වලදී  විනිසුරුගේ පුද්ගලික දෘෂ්ටිවාද මෙන්ම තමන් ඉදිරිපිට සිටින පුද්ගලයාගේ  ධනය බලය ප්‍රසිද්ධිය වැනි කරුණු නොසලකා බැහැරලා පුද්ගලයා කවුදැයි නොදැකිමින් විනිශ්චයට භාජනය කල යුතුය.

මම නිතිය හදාරා නැත එබැවින් මේ මහේස්ත්‍රාත් වරයාගේ කතාව හරි වැරදි හෝ විවේචනය කරන්නට මට නොහැක සමහර විට මා නොදන්නා දෙයක් මෙහි තිබිය යුතුය. මගේ ගැටලුව මෙයයි.
"කාන්තාවන් කොටට ඇඳගෙන යාම " තහනම් නීතියක් ලංකාවේ තිබේද?
එසේ තිබේනම් එය මේ නඩුවට අදාලව අර්ථ නිරූපණය වන්නේ කෙසේද?
කොටට ඇදගෙන යන ගෑනු දුෂණය කිරීමේදී සහ බුර්කාව ඇඳගෙන මුළු ඇඟම වහගත් කාන්තාවක් දුෂණය කිරීමේදී ලංකාවේ නිතිය මේ දෙක අර්ථදක්වන්නේ  වෙනස් විදියකටද?

කොටට ඇඳගෙන ගියානම් තෝ දුෂණය කල එක උඹට හොඳ වැඩේ වගේ කතාවක් ගමේ කෝපිකඩේ කෙනෙකුගෙන් ඇසීම සාමාන්‍ය දෙයකි. උසාවියක   මේ පිළිමය ඉදිරිපිටට   තමන්ගෙන් සාධාරණය ඉටුකරගැනීම සඳහා පැමිණි කාන්තාවකට  යුක්තියේ ආර්යාව ම මෙසේ කීම මටනම් තවමත් තේරුම් ගත නොහැකි කාරණයකි. කරුණාකර කලුකෝට් අඳින ඇනෝනිමස් මහතෙකු හෝ මට මෙය පැහැදිලි කර දෙන්න.