Pages

Followers

Saturday, November 16, 2013

මාක්ස් සීයා ගේ මති (Notions) බේරා ගන්නට ආ ලැකාන් පප්පා ගේ ප්‍රංශ මනෝවි(කාරය)ශ්ලේෂණය - ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර-1

පෙරවදන -කොළඹ කේන්ද්‍රීය පශ්චාත් (රොහානියානු)නූතන වම 
ජීවිතය පුරා කිසිම දිනක කිසි රැකියාවක් නොකළ මුත් කාමරයකට වී පුස්තකාල වල ටැග් ගැහෙමින් පමණක්
වැඩකරන ජනතාව ගැන  අනුපමේය කරුණාවෙන් දයාවෙන්  (තමන්ගේ දරුවා බෙහෙත් නැතිව මිය යද්දී )
මාක්ස් සීයා විසින් රැවුල වවාගෙන ලොවට දායාද කල  මති (Notions) ක්‍රියාත්මක කරන්නට ගිය ලෝකයේ සෑම රටක්ම දේශපාලනිකව සහ ආර්ථික ක්‍රමයක් ලෙස ප්‍රායෝගිකව අසමත් විය. මේ  මති (Notions) විද්‍යාවක් හෝ න්‍යායන් ලෙස නැවත නැවත වර නගන මාක්ස් දෙවියෙකුයයි සිතන අයට මුලින්ම මතක් කර දිය යුත්තේ මුලින්ම තමන්ට සහ තමන්ගේ දරුවාට ආදරය කරන්නට නොදන්නා මිනිසෙක්ට අනුන්ට ආදරය කල නොහැකි බවයි.
අනූව දශකයේ එකතරා දවසක ලංකාවේ අමුතු පොරක් වූ රොහාන් පෙරේරාට ප්‍රංශයේ සිට පැමිණි මිතුරෙකුගෙන් ප්‍රංශ චුවින්ගම් එකක් කන්නට ලැබුණි. රොහාන් පෙරේරා හොදින් රසය උරාබී හපකොට ඉවතට විසිකරන ලද චුවින්ගම් හපය  අහුලාගත් බොහෝදෙනා පසු කලකදී මාර රසයි කියමින් රොඩ්ඩ හපන්නට විය. ලංකාවේ කොළඹ කේන්ද්‍රීය  පශ්චාත්  නූතන වම යනු  මේ රොහාන් පෙරේරා විසිකරන ලද  චුවින්ගම් හපය serious කෑමක් ලෙස ගෙන මේක ඇතුලේ මොකක් හරි තිබේයැයි සිතන අයගේ මායාවයි.
රොහාන්ගේ භාෂාවෙන් කියන්නේ නම් මෙම 90 දශකයේ පටන් ගත් වාම ප්‍රවනතාවයේ පුර්ණ විකසිත වීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි සහ පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහා නොපැවැත්වූ මහා විවාදයෙන් සනිටුහන්විය . දැන් මල පරවී ඇත.
 නව පානදුරාවාදය හෝ ගුත්තිල මූසිල වීනා වාදනය මෙන් මේ කොළඹ වමේ කවුරුත් පුල පුලා බලා සිටි මහා විවාදයෙන් සිංහල බ්ලොග් අවකාශය තුල වැඩියෙන්ම ආතල් ගන්න පුද්ගලයා වුයේ  w3lanka බ්ලොග් කරු අජිත් පැරකුම් මහතාය. මට අනුව මේ වමේ කල්ලි අතර  අභ්‍යන්තර ගැටුම උඩබලාගෙන කෙලගසා   ගැනීමකි. දීප්තිට ඇත්තේ න්‍යායික මති වලින් සන්නද්ධ ආයුධ ගබඩාවකි දීප්තිගේ පැරණි ගෝලයන් දැන් මේ ආයුධ ගබඩාවට වටෙන් ඉඳන් ගල් ගසමින් සිටී. නිර්මාල්ට දීප්ති සමග වාදයෙන් දිනාගත හැක්කේ කුමක්ද? දීප්ති එලවා දමා ඔහුගේ න්‍යායික ආයුධ ගබඩාව අල්ලා ගැනීමද? මේ ගෝලයන්ට දීප්තිට න්‍යායික ප්‍රහාර එල්ල කල නොහැක. එසේ කිරීම යනු තමන්ගේම නාසය කපා  ගැනීමකි.
 මා 90 දශකයේ අග X කණ්ඩායමේ පැරණි  නිවසට ආ ගිය කෙනෙකු වුවද  දීප්ති මගේ දේශපාලන මිතුරෙකු නොවේ පුද්ගලික මිතුරෙකි ඔහු මා හඳුනාගන්නේ ඉරංක නම් මගේ පුද්ගලික මිතුරෙකු සහ අනිල් හරහාය. එකල මා දැන සිටි ඔහු සුන්දර මිනිසෙකි. 
මගේ මේ ලිපිය පැරකුම් ගේ දීප්ති post මෙන් මෙම නිර්මාල් දීප්ති කල්ලි දෙක  අතර ගැටුමේ උණුසුම නිසා ලියවෙන්නක් නොවේ. ඇත්තටම මේ ලිපියට පසුබිම  වන්නේ වෙනත් දෙයකි. පසුගියදා  නිව්යෝර්ක් නගරයේ ජනප්‍රිය ප්‍රංශ අවන්හලකදී  අරුණි ශපිරෝගේ මැදිහත්වීම මත  මට අශෝක හඳගම නම් සුන්දර මිනිසා සමග රාත්‍රී භෝජනය ගැනීමට අවස්ථාවක් උදාවිය. මෙහිදී හඳයා සහ මා අතර සංවාදය   ලංකාවේ කොළඹ වමේ දේශපාලනය (දීප්ති-නිර්මාල්) ගැන මෙන්ම ෆ්‍රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණය දක්වා පැතිරුණු පැය ගණනාවක සුන්දර අත්දැකීමක් විය. දෛවෝපගත ගත ලෙස මේවා අපි කතා කලේ ප්‍රංශ ආහාර වල රස බලමින්ය. මා එහිදී කි කරුණු ලියන්නයි කිවේ හඳයා ය. මේ ඔහුගේ ඉල්ලීමේ ප්‍රතිපලයකි.
 w3lanka  පැරකුම්, නිර්මාල්,ප්‍රභා ඔබලා දේශපාලන ලිපි ලියනවා කියා කරන්නේ වෙන මොකද්දෝ දෙයකි පුද්ගලික මඩ වෙනුවට  දීප්ති ගේ නයායික ආයුධ ගබඩාවට මා මේ ලිපියෙන් එල්ල කරන්නේ ඇමරිකානු  ඩ්‍රෝන් ප්‍රහාරයකි. දීප්ති මේ නිසා මා සමග පුද්ගලිකව තරහ නොවන බව මම ස්ථිර වශයෙන්ම දනිමි. ඩ්‍රෝන්  වලට නියමුවන් නැත ඒවා දශක ගණන් පැරණි වියට්නාම ගරිල්ලා Tet Offensive proof වේ. මා මෙය ටයිප් කර අවසන් වූ පසු උදිත නම් කතෘ මේ තුල නැතිබව මටත් වඩා හොදින් ඔහු දනී. යමෙකුගේ හෝ සංවිධානයක අදහස් දේශපාලනික ලෙස විවේචනය කරන්නේ කෙසේද යන්න මෙම ලිපිය දිහා බලා හෝ ඉගෙන ගන්න.
වම සහ ෆ්‍රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණය 
මාක්ස්ගේ මති හරහා විප්ලව කොට මිලියන් ගණනින් මිනිසුන් මරා දමා සමාජවාදය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන ලද සියලුම රටවල් වල සමාජවාදය ප්‍රයෝගිකව අසමත් වීමෙන් පසු ජාතිවාදය වැලඳ ගැනීම හැර මොවුන්ගේ දේශපාලනයට වෙන අනාගතයක් තිබුනේ නැත. මේ අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ගැලවෙන්නට යුරෝ මාක්ස්වාදය එල්ලුනේ  ෆ්රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණයේය. මෙහි ජනප්‍රිය බටහිර ප්‍රකාශකයා වමේ එල්විස් ප්‍රෙස්ලි වන ලුබ්ජානා සරසවියේ මුස්පේත්තු රැවුලක් ඇති  ස්ලාවොයි ජිජැක්ය. ලංකාවේ ජවිපෙ පවා මාක්ස්ගේ පුකට පයින් ගසා ජාතිවාදය බදා ගනිද්දී  ලංකාවේ දී රොහාන් පෙරේරා සහ දීප්ති කුමාර ගුණරත්න මේ  ෆ්රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණය  භාවිතා කරමින් පණ අදින වම අඩු ගනනේ දේවාලයක් දමාගෙන හෝ යන්තම් න්‍යායිකව  ගොඩ ගන්නා ලදී. ඒ ගෞරවය දිය යුත්තේ ඔවුන් දෙදෙනාට බවවත් ජවිපෙ හෝ පැරකුම් හෝ රාමචන්ද්‍ර ඇතුළු කිසිම වමෙක් නොකියයි. වමේ එකමුතුව ඒ තරම් ප්‍රභලය. මේ දේවාලයේ තිරය එහා පැත්තේ ඇති ෆ්‍රොයිඩ්-ලැකානියානු මනොවිශ්ලේෂණය නම් සඟවා ඇති දේව රූපය තිරය කඩා දමා නිරුවත් කිරීම(සැබෑ ලෝකයේ සායනය තුල මනෝ විශ්ලේෂණය මාක්ස්වාදය මෙන්ම  ප්‍රායෝගික නොවන බව පෙන්වීම ) මෙම ලිපියේ අරමුණයි. වෙනත් විදියකින් කියන්නේ නම් වම්මුන්ගේ අවි ගබඩාවේ ඇති නෂ්ඨික අවිය වන මනෝ විශ්ලේෂණය කුඩු වෙන්නට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමයි.

ලෝකය කැරකෙන්නේ ප්‍රංශය වටේ යැයි සිතීම හෙවත් පණ අදින වම ගොඩගන්නට පණ අදින  මනෝ විශ්ලේෂණය භාවිතා කිරීම
අත්ලාන්තික් සයුරේ මා ඉන්නා පැත්තේ මානසික රෝග වලට සායනික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂණය භාවිතා වෙන්නේ කලාතුරකිනි .මනෝ විශ්ලේෂණය  ඇමරිකාවේ  මේ වන විට පණ අදින ලෙඩෙකි.  පෞරාණික කෞතුක වස්තුවකි.අත්ලාන්තික් සයුරේ අනෙක් පැත්තේ ප්‍රංශය තුල මීට සම්පුර්ණයෙන් වෙනස්ව  මනෝ විශ්ලේෂණය යනු ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රධාන ධාරාව ලෙස සායනය තුල  තවමත් භාවිතා වෙයි. ප්‍රංශය තුල රජ කරන්නේ මනෝ විශ්ලේෂකයෝ(psychoanalysts) ය එහි 80% මනෝ චිකිත්සකයින් සායනය තුල භාවිතා කරන්නේ   ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂණයයි අන් අයට එහි   තැනක් නොමැත. ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂකයෝ
එහි අනෙක් මනෝ චිකිත්සකයින්ට ඔලුව උස්සන්නට දෙන්නේ නැත. මේ බුද්ධිමත් පිරිස හිතන්නේ තමන් දන්නා නයායික මුලධර්ම ක්‍රමවේදය භාවිතා කොට මිනිසාගේ හැම හැසිරීම් ස්වාභාවයක්ම කතාවක් කියන්නාක් මෙන් අර්ථදැක්වීමට තමන්ට හැකි බවයි. මේක හරියටම ලංකාවේ නලින්ද සිල්වාගේ නාථ දෙවි වන්දනාවටත් එහා ගියපු දෙයක් හරියට මේක නිකං නලින්ගේ නාථ දෙවි ප්‍රතිකාරය රාජ්‍ය අනුග්‍රහය යට‍තේ විශ්වවිද්‍යාල වල උගන්නල සෞක්‍ය අමාත්‍යාශය හරහා ක්‍රියාත්මක කරනවා වගේ වැඩක්. 
හැබැයි මේ  මනෝ විශ්ලේෂකයෝ තමන්ම පවා දන්නා දෙයක් තමයි ඔවුන්ගේ න්‍යායික ප්‍රබන්ධ කතන්දර ප්‍රයෝගිකව සායනය තුලදී මානසික ලෙඩ්ඩු සුවපත් කරන්න භාවිතාවේදී ප්‍රථිපල විරහිත බව. සරලව කිව්වොත් ලෙඩ්ඩු හොඳ වෙන්නේ නැහැ අවුරුදු ගණන් සායනය විතරයි.  මේ අය අතුරින් අතිපණ්ඩිත විදග්ධතම කොටස clinical results ඕනි කියලවත් පිළිගන්නේ නැති අති පණ්ඩිතයෝ පිරිසක්.
මා අනුව දශකයේ අග සිට 2010 පමණ වනතුරු මනොවිශ්ලෙෂණය හා අත්වැල් බැඳගෙන හිඳ ඇත 2012 වන විට මා සම්පුර්ණයෙන්ම පෙකණිවැලෙන් කැඩී ඉන් වෙන්විය. එතැන්පටන් මා දන්නා හඳුනන අයට එහි ඇති අනතුරුදායක බව පෙන්වාදී ඇත අවසන් වරට මා අනතුරු ඇගෙව්වේ හඳගම ට ය නමුත් දැන් මෙය විධිමත්ව  විෂයමුලික වීමකින්  තොරව සටහන් කිරීමට කාලය යැයි සිතමි. 
 ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂණයේ අඳුරු පැත්ත 
 දරුවන්ගේ මානසික සෞක්‍ය ගැටළු වලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රංශය සහ ඇමරිකාව සම්පුර්ණයෙන් වෙනස් ක්‍රම දෙකක්  භාවිතා කරයි  “Le Mur” යනුවෙන් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින්  Sophie Robert  ස්වේච්ඡතාව (autism) නම් රෝගයට ෆ්‍රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණය ප්‍රංශයේ දරුවන්ට  ප්‍රතිකාර කරන අන්දමත් ඇමරිකාව තුල ඕටිසම් රෝගී දරුවන්ට  ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා  PECS නම්  behavioral ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන අන්දමත් Guillaume සහ Julien නම් ඕටිසම් ළමයි දෙදෙනෙකු ඇසුරින් අපිට පෙන්වා දෙයි. 
 මනෝ විශ්ලේෂකයෝ නඩු දමා තහනම් කර ඇති නිසා මුළු වාර්තා චිත්‍රපටිය මේ දිනවල යූ ටියුබ් හි ඉවත්කර ඇති නමුත් ලකාන් පිස්සන්ගේ සමහර ජවනිකා තවමත් තැනින් තැන නැරඹිය හැක පහත ඇත්තේ එහි ජවනිකාවකි 



කතා කරන්න බැරි ළමයින්ට කථාකර ප්‍රතිකාර කරන්නට යන කතා කරන්න බැරි ළමයින්ට සවන්දීමට උත්සාහ කරන ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂකයෝ මොන තරම් විහිලු සහගත දැයි තේරුම් ගැනීමට මනෝ විශ්ලේෂණයේ එල්ලී සිටින  ලංකාවේ නව මනෝරාජික වම්මු සියලුම දෙනා අනිවාර්යයෙන් මෙම චිත්රපටිය නැරඹිය යුතුය.
ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂකයින්ට මේ දරුවන්ගේ සුවවීම එතරම් වැදගත් කාරණයක් නොවේ ඔවුන්ට වැදගත් වන්නේ තමන්ගේ මහා බුද්ධිමත් මනොවිශ්ලෙෂණ න්‍යායන් ලෝකයට ඉදිරිපත්කිරීම පමණි.  මිට වෙනස්ව ඇමරිකානු ක්‍රමයේදී එම දරුවා ප්‍රතිකාර පටන්ගත් පළවෙනි දිනයේ සිට සුවවෙන්නට පටන් ගනී.
මාක්ස්වාදය දේශපාලන  ආර්ථික  ක්‍රමයක් ලෙස ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැගීමට ගිය සෑම උත්සාහයක්ම හැමවිටම හැම රටකමදීම අසාර්ථක විය වම්මුන්ට මෙය අදාළ නැත ඔවුන්ට අවශ්‍ය මාක්ස් ගේ මතිය සමග න්‍යායික ස්‌වයං වින්දනයේ යෙදීම  පමණි ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂකයින් යනුද මෙවැනිම පිරිසකි සායනික ප්‍රතිපල ඔවුන්ට වැඩක් නැත ලෙඩා සුව උනත් නැතත් තියරිය නිවරිදියයි පොත් වල මතියක් ලෙස ඔවුන් ඔප්පු කරයි. ඉතින් මේ දෙකේ එකතුව ගැන කුමන කතාද? මාක්ස්වාදය මෙන්ම ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂණය යන්නද මේ යුගයේදී මහා විහිළුවකි. මෙය තේරුම් ගැනීමට පොත් සිය දහස් ගණනක් හැදෑරිය යුතු නැත Sophie Robert ගේ චිත්‍රපටිය බැලීම  පමණක් සැහේ

මෙම චිත්‍රපටිය සම්බන්දයෙන් නිව්යෝක් ටයිම්ස්හි පළවූ ලිපිය මෙතනින් බලන්න .

by ©Uditha Meegahathenna

25 comments:

  1. කුහක කම බේරෙන ලිපියක් නෙ යාලුවා.යූ.ඈස්.ඵ් කවු ගර්ල් අරුනි ශපීරෝ පන්නයේ කවු බෝයි ටෝක් ටිකක්නේ.

    [ජීවිතය පුරා කිසිම දිනක කිසි රැකියාවක් නොකළ මුත් කාමරයකට වී පුස්තකාල වල ටැග් ගැහෙමින් පමණක්
    වැඩකරන ජනතාව ගැන අනුපමේය කරුණාවෙන් දයාවෙන් (තමන්ගේ දරුවා බෙහෙත් නැතිව මිය යද්දී )
    මාක්ස් සීයා විසින් රැවුල වවාගෙන ලොවට දායාද කල මති (Notions) ක්‍රියාත්මක කරන්නට ගිය ලෝකයේ සෑම රටක්ම දේශපාලනිකව සහ ආර්ථික ක්‍රමයක් ලෙස ප්‍රායෝගිකව අසමත් විය]

    ඔයාගේ තියරියට අනුව්බුදු රාජානන් වහන්සේ ජේසු තුමා වගේ අයත් ජීවිතේ පුරාම රස්සාවක් නොකර අනුන්ගේ දුක ගෑන බන දේසනා කර කර හිටපු නිකම්මු කියලද අපිට කියන්නේ???

    අනික ලමයි ලෙඩවෙලා මෑරෙන කතාව ගෑන කිව්වොත් ඔයා උත්කර්ශයට නවන දනවාදි ලෝකය ඈතුලේ ඵකදවසකට පහසුවෙන් සුවකල හෑකි රෝග වලින් පවා බෙහෙත් නෑති කමට කුඩා දරුවෝ 25000ක් මියයන බව දන්නවාද?ඔයාගේ මහා ලොකු නවාදී ක්‍රමය අනුගමනය කරන ලෝඅකයට් ඈයි බෑරි උනේ මේවා නවත්තන්න?සෑම තත්පරයකටම බෙහෙත් නෑතුව දරුවන් මියයන කාලාකන්නි දනවාදී ලෝකයක ඉදලා දනවාදයේ පපේරිය ගෑන කතාකරන් ඵක මාර කොමඩියක් නේ.
    අනික ලෝඅකයේ ආයුද ජාවාරමට විතරක් දෙවනි වන බෙහෙත් ජාවරම පිටුපස්සේ ඉන්න බහුජාතික සමාගම් වල ඉන්න කෙරුමන්ගේන් කී දේනෙක් ඈමරිකන් දේසපාලුවොද කියලා ඔයා දන්නවාද???
    අපේරටේ සේනක බිබිලේ වගේ ඔය ඈමරිකන් ජාවාරම් වලට ඵෙරෙහිවුන විද්වත්තු කී දෙනෙක් ඔයාගේ හෙලුවෑලි ප්‍රජාතන්තරවාදී ඈමරිකාව විසින් මරාගත්තද?
    අනික මාක්ස් ගේ දරුවා ගෑන තියන කෑක්කුම ඈෆ්ගනිස්තානේ සිරියාවේ ඉරාකේ වගේ ඔයාලගේ දනවාදී ඈමරිකාව බෝම්බ දාලා විනාසකරන රටවල දරුවන් ගෑන නෑත්තේ දනවාදේ දෑන් නටන්නේ අමු හෙලුවෙන් හින්ද ද?

    දීප්ති,නිර්මාල්,රොහාන් ලගේ මොන අවුල් තිබ්බත් ඔයාලා වගේ කුහක කතා උන් කියන්නෑ.මර්වින් සිල්වලාට චන්දේ දෙන ලoකාවේ මෝඩයොයි ලෝක ත්‍රස්තවාදී ඈමරිකාවේ දනවාදේ ගෑන පුරාජේරු කියන ඔයාලයි අතර කිසිම වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. //ඔයාගේ තියරියට අනුව්බුදු රාජානන් වහන්සේ ජේසු තුමා වගේ අයත් ජීවිතේ පුරාම රස්සාවක් නොකර අනුන්ගේ දුක ගෑන බන දේසනා කර කර හිටපු නිකම්මු.// මෙහි තියරි නැත මා එසේ කීයද නැත බුදුන් මුළු දිවිය පුරා ගම් නියව් ගම් හරහා ධර්මය දේශනා කරමින් පාද චාරිකාවේ යෙදුන අතර ජේසු තම ජිවිතයෙන් වන්දි ගෙවන ලදී ඒ දෙදෙනා නිකමුන් නොවේ මාක්ස් තමන් කරපු දේවත් අවසන් කලේ නැත ඒවා ලිආ ඉවර කිරීමට එංගල්ස් ට සිදුවිය.මෙහි ඇති දේ පම්පෝරි ලෙස ඔබට පෙනීම ගැන මට කල හැකි දෙයක් නොමැත.
      ඔබගේ මාක්ස් දෙවියා ගැන කියූ දෙයින් සිත් රිදුනා නම් සමාවෙන්න එය කුහක වන්නේ ඔබගේ සීත රිදුන නිසාද? මෙම ලිපියේ හරය නම් මාක්ස් මෙන්ම ලකාන්ගේ ද මති ඇත්ත මහා පොළොවේ දී බොරු බව පෙන්වාදීම පමණි. ඔවුන් පොත් පිටු සඟරා පිටු අතරදී පමණක් සුන්දරය.

      Delete
    2. \\\\\\\\\\\මෙම ලිපියේ හරය නම් මාක්ස් මෙන්ම ලකාන්ගේ ද මති ඇත්ත මහා පොළොවේ දී බොරු බව පෙන්වාදීම පමණි. ඔවුන් පොත් පිටු සඟරා පිටු අතරදී පමණක් සුන්දරය. \\\\\\\\\\

      මෙන්න මේකම තමයි මාත් කියන්නේ උදිත.. ඔබ එම සත්‍ය තේරුම්ගෙන ඇත්නම් එච්චරයි..

      Delete
    3. [මෙහි තියරි නැත මා එසේ කීයද නැත බුදුන් මුළු දිවිය පුරා ගම් නියව් ගම් හරහා ධර්මය දේශනා කරමින් පාද චාරිකාවේ යෙදුන අතර ජේසු තම ජිවිතයෙන් වන්දි ගෙවන ලදී ඒ දෙදෙනා නිකමුන් නොවේ මාක්ස් තමන් කරපු දේවත් අවසන් කලේ නැත ඒවා ලිආ ඉවර කිරීමට එංගල්ස් ට සිදුවිය]
      ඈයි උදිත ඵක බොරුවක් වහගන්න බොරු 100ක් කියන්නේ???
      බුදු හාමුදුරුවො ජේසු වගේ අයගේ දර්ම කරුණු ඵයාලා පොත්වල ලිව්වේ නෑ නෙ .
      ඵ්ව ලිව්වේ ඵයාලගේ අනුගාමිකයෝ.
      ඔයාගේ ලොජික් ඵක අනුව මාක්ස් කාලක්න්නි නම් බුදු රජානන් වහන්සේයි ජේසු තුමයි ඊට වඩා කාලකන්නි වෙන්න ඔන නේද?

      Delete
    4. ඇනෝ අපි ඔක්කොම එකම විදියටද හිතන්න ඕනෑ? මට කාලකන්නි කියල හිතන කෙනෙක් ඔයාට වීරයෙක් ඔයාට වීරයෙක් මට කාලකන්නි ඉතින් මොකද්ද ප්‍රශ්නය මෙතන මාක්ස් ඔයාගේ වීරයෙක් මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ඕනෑ තැනක කියන්න ඔයාට අයිතියක් තියනවා මට මගේ බ්ලොග් එකේවත් මම කාලකන්නි කියල හිතන අය මම වීරයෝ කියල හිතන අය මම අදහන අය කවුද කියල කියන්න බැරිද?

      Delete
  2. අකමැත්තෙන් උනත් ඇනෝ සමග එකඟයි.. ( හැබැයි උදිතයා ඉතින් අහිංසකයා. මිනිහව අල්ලන් මුව හමට තඩි බාන්නා හේ තඩි බාල වැඩක් නැහැ.. )

    @ උදිත

    පොස්ටුවට අදාළ මගේ කමෙන්ට් එකත් මෙයම බව සළකන්න.. උදිත අපි සංකීර්ණ බෙදුම් අනු බෙදුම් වලට යන්න ඕනේ බෙදන්න දෙයක් තියේ නම් පමණි. බෙදන්න දෙයක් නැති තැනක බොරුවට අමතර වෙහෙසක් දැරීම සුදුසු නැහැ...

    උදා :- පොඩි කොල්ලෙක් එනවා කකුල තුවාල වෙලා.. ඒ ළමයගේ කකුලේ තුවාලෙට බෙහෙත් ටිකක් දාලා යවන්නේ නැතුව ; බොරුවට ඒ ළමයව අක්ෂි රෝග විශේෂඥයා ළඟට හෝ ස්නායු රෝග විශේෂඥයා ළඟට යැවීමෙන් පලක් තියේද ...?

    එසේ යවන්නේ සද්භාවයෙන්ද ? නැත්නම් ෂෝ එකටද අපි ළඟ අක්ෂි රෝග විශේෂඥයන් සහ ස්නායු රෝග විශේෂඥයන් ඉන්නා බව පෙන්නන්න  ?

    ____________________________


    උදිත කියන කාල් මාර්කස් , අර මාර්කස් මේ මාර්කස් ගැන කතා කරන අයත් කරන්නේ ඒ ටිකමයි .. කොල්ලගේ තුවාලේ පැත්තක.. මෙහෙ හෝ ගාලා සනායු පරීක්ෂා කරනවා.. සතියක් විතර යද්දී තුවාලේ පැහැවලා කකුල කපන්න වෙන තැනට පත් වෙනවා..

    අන්තිමට සයිලන්ට් සහන් ඇවිත් ඔපරේෂන් කරලා  කකුල කැපුවම " අහිංසක කොල්ලගේ කකුල අර පාහර සහන් කැපුවනේ..බලන්නකෝ හිතක් පපුවක් නැති කම " කියලා චෝදනා කරනවා...


    කව්ද මේකට ඇත්තටම වැරදි .....? සහන්ද , අක්ෂි රෝග විශේෂඥයද, ස්නායු රෝග විශේෂඥයද , කකුල තුවාල වූ කොල්ලද , තුවාලයද ?

    ReplyDelete
    Replies
    1. මොලේ කචල් වෙනවා බං උඹගේ ප්‍රහේලිකා වලට. මමත් අන්න පහල ඇනො කෙනෙක්ට උඹගේ ජාතියේ උත්තරයක් දුන්නා.

      Delete
    2. හරියට හරි... මන් මෙවැනි කමෙන්ට් එකක් ඔබට දැම්මෙත් ඒකයි උදිත... !

      ඇත්තටම උදිත අධ්‍යාපනික අරමුණකින් ඇර මහා ගැඹුරින් දේශපාලනය හදාරන්න යන්න හොඳ නැහැ. එවිට වන්නේ එකම දෙයයි ; කල යුක්ත අමතකව ගොස් වෙනත් දෙයකට හිත යොමු වීම. මහා ගැඹුරු දේශපාලනික කරුණු ප්‍රායෝගිකත්වය සමග මුහු වෙන්නේ නැහැ. එයට උත්සාහ දැරීම විහිළුවක්.

      Delete
  3. //මා මෙය ටයිප් කර අවසන් වූ පසු උදිත නම් කතෘ මේ තුල නැතිබව මටත් වඩා හොදින් ඔහු දනී. යමෙකුගේ හෝ සංවිධානයක අදහස් දේශපාලනික ලෙස විවේචනය කරන්නේ කෙසේද යන්න මෙම ලිපිය දිහා බලා හෝ ඉගෙන ගන්න.//
    මෙයා ඔයා මේ කෑල්ල ණයට ගත්තේ කාගෙන්ද? ඒක තමයි ජිජැක් අන්කල් කියන්නේ අපි අඩියොලොජියෙන් එලියට පනින මොහොතෙම අයිඩිලොජිය ඇතුලට පනිනවා කියලා.

    ReplyDelete
  4. //මාක්ස්ගේ මති හරහා විප්ලව කොට මිලියන් ගණනින් මිනිසුන් මරා දමා සමාජවාදය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන ලද සියලුම රටවල් වල සමාජවාදය ප්‍රයෝගිකව අසමත් වීමෙන් පසු ජාතිවාදය වැලඳ ගැනීම හැර මොවුන්ගේ දේශපාලනයට වෙන අනාගතයක් තිබුනේ නැත. මේ අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ගැලවෙන්නට යුරෝ මාක්ස්වාදය එල්ලුනේ ෆ්රොයිඩ්-ලැකානියානු ප්‍රංශ මනෝ විශ්ලේෂණයේය. මෙහි ජනප්‍රිය බටහිර ප්‍රකාශකයා වමේ එල්විස් ප්‍රෙස්ලි වන ලුබ්ජානා සරසවියේ මුස්පේත්තු රැවුලක් ඇති ස්ලාවොයි ජිජැක්ය.//

    ඔබ කොතරම් දුරට මේ ගැන හදාරා තිබේද යන්න මෙයින්ම පැහැදිලි වේ. මනෝ විශ්ලේෂනය මාක්ස්වාදීන් විසින් භාවිතා කිරීම පිලිබද ඉතිහාසය 21 වන සියවසේ මුල - ෆ්‍රෑන්කෆර්ට් ගුරුකුලය - දක්වා දිවයයි. මාර්ක්‍යුස් 1955 දී Eros and Civilization ලියද්දී සෝවියට් සංගමය බිද වැටෙන ලකුනු අහලකවත් නොවී.එක්ස් නිවෙසට ගොස් තේ බීමට වඩා දෙයක් ඔබ කර නැති බව නම් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඊලග වතාවේ දෙයක් ලියද්දී හරියට සොයා බලා ලියන්න. ඔබේ ඩ්‍රෝන් ප්‍රහාරය අධෝ වාතයකට වඩා නොවටනා බව මුල්ම ලිපියෙන් හෙලිවීම ඔබට එතරම් හොද නැත.

    ReplyDelete
  5. දීප්ති කුමාර ගුණරත්න යනු කිසිම අධ්‍යාපන සුදුසුකමක් / ඉංග්‍රීසි කුසලතාවයක් නොමැති වීම නිසා හීනමානයෙන් පෙලෙන්නෙකි. ඔහු වීරයෙකු වී සිටින්නේ ගිරවා දමා උපාධි ලබා ගැනීමේ හැකියාව තිබෙන අන්තර් ජාතික වශයෙන් කොලිටියෙන් අඩු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිට වන තුටටු දෙකේ ශාස්ත්‍රාලීය පුස්සන්ට චැලෙන්ජ් කිරීමෙනි. නියම ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් මෙවැනි හීනමාන රෝගීන් සමග වාදයට නොයන්නේ අසූචි නා ගත් ඌරා සමග සටන් කිරීම සිංහයන් නොකරන බැවිනි

    ReplyDelete
    Replies
    1. ඔහුගේ පැටිකිරිය හෝ attitudes මට අදාළ නැත මට ඇති එකම ගැටලුව මොන තරම් සත්‍ය ඔහු පැවසුවද ඔහු ලියූ දේවල් වලින් ලංකාව වෙනස් වුනේ නැත්තේ ඇයි යන්නය ඊට සමකාලීනව නලින් සිල්වා චම්පික වැන්නන් කල දෙයින් අපේ සීයලාටත් වඩා පසුගාමී ගොන් අදහස් ඇති තලේබාන් සිංහල බෞද්ධ පරපුරක් බිහිවිය දැන් ලංකාව ඔවුනට ගොස් ඇත දීප්තිගේ ප්‍රයෝගික අසමත් වීම ලංකාවේ අභාග්‍යයයි

      Delete
    2. //අපේ සීයලාටත් වඩා පසුගාමී ගොන් අදහස් ඇති තලේබාන් සිංහල බෞද්ධ පරපුරක් බිහිවිය දැන් ලංකාව ඔවුනට ගොස් ඇත දීප්තිගේ ප්‍රයෝගික අසමත් වීම ලංකාවේ අභාග්‍යයයි
      //
      දීප්තිගේ අසමත් වීම ගැන ඔයා දුක්වෙන්නේ ඔයා අපේක්ෂා කරපු දේ නොවුන නිසා නම් ඔයා ඔයා ගැන දුක් නොවී ඇයි දීප්ති ගැන දුක් වෙන්නේ? මේ දීප්ති ගේ ගැන විවේචනය විසින් ඔයා ඔයාවම විවෙචනය කරගැනීමක් නම් කරන්නේ, හේගල් ගේ ප්‍රතිවිරෝධය තමා තුළම කියන ප්‍රවාදය සමාජ ගත කරන්න දීප්ති පහුගිය කාලේ කරපු වැඩේ සාධාරණීකරණය වෙනවා නේද?

      Delete
    3. මම මම ගැන දුක් වෙනවා කියල දෙයක් නැහැ මම 2000 වෙන කොට ලංකාවෙන් ගිහින් ඉවරයි.දීප්ති ගැනත් දුකක් නැහැ එයා එයා කරන දෙයින් එයා සතුටු වෙනවා මම දීප්තිට කරන්නේ ධනාත්මක විවේචනයක් විතරයි මගේ ගැටලුව he does not seem to be bothered by the inconvenience of what he doing. ආපහු මේ සටහනේ හරය වෙතට මතෘකාවට හැරෙන්න..ඕටිසම් තියන ළමයෙක්ට behavioral therapy එක්ක Ritalin කියන බෙහෙත දුන්නම ප්‍රතිකාරය පටන් ගන්න පළවෙනි දවසේ ඉඳල ප්‍රතිපල ලැබෙනවා ප්‍රංශ ක්‍රමයට මනොවිශ්ලේෂණය කරන්න ගත්තම මුකුත් වෙන්නේ නැහැ විදග්ධ පණ්ඩිතයෝ ටිකක් ප්‍රවාද සමාජගත කරනවා ළමයාගේ අම්ම පොඩිකාලේ ළමයට සැලකුව හැටි වැරද්දක් පිළිබඳව මනොවිශ්ලේෂණ ප්‍රවාද හැදෙනවා ලෙඩාට මොකක්වත් වෙන්නේ නෑ. පොඩි එකාගේ ඕටිසම් එහෙමමයි. චම්පිකල නලින්ලා මහින්දලා ලංකාවේ සමාජයට බෙහෙත් වලින් ඉන්ජෙක්ෂන් ගහනවා දිප්තිලා මනොවිශ්ලේෂණය කරනවා.

      Delete
    4. // he does not seem to be bothered by the inconvenience of what he doing.//
      මේ මම කියපු වාක්‍යය දීප්තිට වගේම රනිල් වික්‍රමසිංහට ත් අදාලයි

      Delete
  6. //චම්පිකල නලින්ලා මහින්දලා ලංකාවේ සමාජයට බෙහෙත් වලින් ඉන්ජෙක්ෂන් ගහනවා දිප්තිලා මනොවිශ්ලේෂණය කරනවා.//
    http://www.theguardian.com/commentisfree/2012/apr/16/autism-psychoanalysis-lacanian
    ඔයා පටලන්න හදන්නේ පටලැවිය යුතු නැති දෙකක්. ඔය ගාඩියන් එකේ ආටිකල් එකේ ඒක හරියටම නොකියා තියෙනවා. එහෙම කරන්නේ එයාලා නොදන්න නිසා නෙවෙයි අසම්බන්ධ නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා ඒක මම පටලවන එක ගැන අකමැති ඇති ඒත් මම කරේ මම කැමති දෙය මම චිත්රපටිය ප්‍රදර්ශනය කරද්දී බැලුවා. ඒක සහ ඕටිසම් මම ගත්තේ මට කියන්න ඕනෑ දේ කියන්න උදාහරණයකට විතරයි. ඔලුව කැක්කුමක් හැදුනම පැනඩෝල් පෙත්තක් බොනවද? මුකුත් නොකර ඔලුව කැක්කුමට හේතුව විශ්ලේෂණය කර කර වේදනාව විඳවමින් ඉන්නවද? පැනඩෝල් පෙත්තක් බිල තාවකාලිකව වේදනාව අඩුකරගන්න අතරතුරේ ඔලුවේ කැක්කුමට හේතුව හොයනවද? නැත්නම් ඔලුවේ කැක්කුමට බෙල්ල කපල දානවද? ඔබගේ කැමැත්තක් ඇනෝ. සයිලන්ට් සහන් වර්ගයේ පිළිතුරක් දෙන්න වීම ගැන සමාවන්න.

      Delete
  7. පළමු ඡේදයේ නම් තියෙන්නෙ මුල් වතාවෙ අර රනිල්ට විරුද්ධව මහින්ද ගහපු "දරුවො ඉන්න මිනිහටනෙ දරුදුක තේරෙන්නෙ " විදියෙ කෑල්ලක්. :-)

    මනෝ විශ්ලේශනයට වැඩිය ඇමරිකන් පන්නයේ ප්‍රතිකාර නං හොඳයි කියල පිලිගන්නං උඹ කියනව නං. අවුල තියෙන්නෙ අනිත් කාරණාව එසේ නොවීම. ලෙඩේ වැඩි වෙනව මිසක් හොඳ වෙන පාටක් මෙහේ නං නෑ.
    [දැං කියන්න එපා මෙහේ තියෙන්නෙ වෙන එකක් කියල. ඕක මාක්ස්වාදිනුත් කියන කතාවක්]

    ReplyDelete
    Replies
    1. මචං රාජ් පළමු ඡේදයේ ටික විතරක් නොවෙයි ලියපු ඔක්කොම උනත් වැඩිය serious ගන්න එපා ඒ කෑලි නිකං rhetoric විතරයි. රාජ් මම අරකට වඩා ඒක හොඳයි කියල කියන්නේ නැහැ. ඒක පුද්ගලයාගේ කැමැත්ත,හැබැයි තමන් කැමති විදිය තෝරා ගන්න පුද්ගලයට නිදහස තියෙන්න ඕනෑ උඹගේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තර දෙනවනම් ප්‍රංශයෙදී එහෙම බෑ asylum වලට දාල මනොවිශ්ලේෂණය කරගන්නවා ඇරෙන්න වෙන විකල්ප ඇමරිකන් ක්‍රමයේ ප්‍රතිකාර තම කැමැත්ත අනුව තෝරා ගැනීමේ අවස්තාව නැහැ.අඩුයි නැත්තටම නැහැ වගේ.

      Delete
  8. //ජීවිතය පුරා කිසිම දිනක කිසි රැකියාවක් නොකළ මුත් කාමරයකට වී පුස්තකාල වල ටැග් ගැහෙමින් පමණක්
    වැඩකරන ජනතාව ගැන අනුපමේය කරුණාවෙන් දයාවෙන් //

    සමාවෙන්න, ලිපිය සම්පූර්ණයෙන් කියැවීමට වේලාව මදි.
    හැකි උවහොත් ඉදිරියේදී නැවත අදහසක් දෙන්නම්.
    දේශපාලනයද එක්තරා වෘත්තියකි. නමුත්, වෙනස ඉන් ලබනා ලාභය කුමක්ද යන්නයි. සමහරු මුදල්, ලාභය ලෙස ලබනවානම් එය රැකියාවක් ලෙස සිතීමට පුරුදු වී ඇත. ඔබ අදහස් කර ඇත්තේ එය විය යුතුයි.

    ReplyDelete
  9. සමාවෙන්න නොතේරෙන නිසයි අහන්නෙ. මේකේ කියන ඩ්‍රෝන් ප්‍රහාරය ඔය චිත්‍රපටිය අපි බලන එකද? ඒ ගැන ඔබේ පැහැදිළි කිරීම මොකක්ද? දීප්ති ගේ ප්‍රධාන ජිජෙකියානු සංකල්ප වන fantasy සහ jouissance දීප්ති දේශපාලනිකව යොදා ගන්න හැටි ගැන ඔබේ විග්‍රහය ඉදිරිපත් කරන්න. දැන් දීප්ති නොදන්නා ඉංග්‍රීසියෙන් ඔබට උත්තරයක් දීල තියෙනවා. ඒ එයාගේ ගෝලයන්ට එයාගෙ බංකොලොත්කම හෙළි වෙිවි කියල වෙන්න ඇති. කෝ ඉතින් ඔයාගෙ දෙවෙනි ඇටෑක් එක. මෙන්න සම්පූර්ණ චිතප්‍රටියට ලින්ක් එකක්: http://www.dailymotion.com/video/x16d4fv_le-mur-ou-la-psychanalyse-a-l-epreuve-de-l-autisme_webcam මේ චිත්‍රපටිය දැන් ප්‍රදර්ශනයට නිදහස් . The appeal was held November 8, 2013. The judgment was delivered on January 16: after two years of censorship, THE WALL is allowed to be shown again.

    ReplyDelete