Pages

Followers

Saturday, December 13, 2014

අපේ කඩේ


ඔබට ඔබගේම ව්‍යාපාරයක් , නිකං කඩයක් තියෙනව කියල හිතන්න ඔයා ඒ කඩේ මැනේජර් කෙනෙක් දානවා ඔයා තමයි පඩි ගෙවන්නේ . ඒ මැනේජර් මාර පෞරෂයක් තියෙන උසමහත ඔයා මාර කැමති නළුවෙක් වගේ පොරක් (මහින්ද මහත්තය වගේ කියමුකෝ ) .
පොර  කඩේ ඔයාලගේ තාත්තට අයිති කාලේ ඉඳන් වැඩකර කර   හිටිය එලවගන්න බැරිව හිටිය නාහෙට අහන්නැති  දෙමල කොල්ලව එලවල හෙම දාල දැන්  අල්ලපු කඩ පවා බයකරගෙන ඔයාගේ ව්‍යාපාරය මෙහෙයවනවා කියමුකෝ. මිනිහ ටික කලකින් ඔයාගේ කඩෙන් හොරා කනවා මුදල් හොරකම් කරනවා වාහන ගන්නවා. තමන්ගේ පවුලටම කඩේ රස්සාවල් දීල , ළමයිත් කඩෙන් හොරකං කරනවා 
ඔයාගේ කඩේ  ඇපේට තියල  අල්ලපු ටවුමේ චීන කඩෙන් නයකුත් අරන් , ඔයාගේ ළමයි නෝනටත් චන්ඩි පාට් දානවා ඔයාවත් ගනන් ගන්නේ නැහැ දැන් ඔයා මොකද කරන්නේ මිනිහ මාර පොරක් හැන්ඩියා , චන්ඩියා වගේම  ව්‍යාපාරයත් හොඳට කරනවා කිය කියා ගෙදර ළමයි ගැනීට වෙන අසාධාරනෙත් ගනන් නොගෙන ඔයාත් ඔයාගේ මැනේජර්ට ඔලුව පහත් කරගෙන දිගටම තියා ගන්නවාද නැත්නම් අස් කරලා වෙනමැනේජර් කෙනෙක් අලුතින් බඳවා ගන්නවාද?

PS / ගිය අවුරුද්දේ කඩේ බඩු දාන්න ගොඩක් වියදම් කරලා තියෙන්නේ ඔයාගේ ලොකු දුව ඩුබායි රස්සාවක් කරලා එවන සල්ලිලු
PSS / අස්  කරන්න යනවා කියල  ආරංචි වෙලා ඔයාට ගහන්න  පොල්ලක් අතේ තියන්ලු ඉන්නේ 

5 comments:

  1. පොර කඩෙන් එලියට බහින්නෙම නෑ. පොර කියනවා දෙමළා එලවපු නිසා ඒක දැන් එයාගේ කඩේලූ. ඉතින් කඩේ අයිතිකාරයා හිතනවා නඩු දාලා ගන්නවය කියලා. ඒත් නඩුව බලවන්න වෙන්නේ ගමේ උසාවියේ. ඒකේ නඩු කාරයා අර කඩේ(ට.) යන එන එකෙක්. ඉතින් ඌගෙන් කවදාවත් සාධාරණයක් වෙන්නේ නෑ. ඉතින් ලංකාවෙ තියෙන ළොකුම නඩු බලවන තැනට යනවා. ම්හූ ඒක ඊට හපන්, ඌ මේ යකාගේ ගෝලයෙක්. ඕන නම් ඌව පැය 24 න් ගෙදර යවන්න පුළුවන් කියලා මේ යකා කියනවා. දැන් ඉතින් වෙන සරණක් නෑ.. ගමේ උන් එක්ක කඩේ වට කරලා ගහලා ගන්න යන්නේ. වෙලා තියෙන්නේ පයිට් එක තියෙන දවසට ගමේ උන් මක්කා කොරයිද කියන එක.. හැබයි කඩේ අපේ.. රන් කරන්නේ එයා..

    ReplyDelete
  2. අපි තාමත් කරත්තේ....
    පූණු ගෙවුනු කරත්තේ...
    කවුද ගොන්නු කරත්තේ....
    අපියි ගොන්නු කරත්තේ..... //

    ඉස්සර හොඳ හැඩට රුවට රජ දරුවන් තැනූ...
    කෑම බීම සැප සම්පත් පුරවා සැනසුනු...
    ඊ වරුසා අකුණු වැදී හැම තැන හිල් වුනු..
    අබලන් වුනු කරත්තයක් අපට ඉතුරු වුනු...
    අබලන් වුනු කරත්තයක් අපට ඉතුරු වුනු...

    අපි තාමත් කරත්තේ....
    පූණු ගෙවුනු කරත්තේ...
    කවුද ගොන්නු කරත්තේ....?
    අපියි ගොන්නු කරත්තේ..... //

    වින කරන්න බැලුම් හෙළන යකුනි හතර වටේ...
    රවට්ටන්න ඉන්ද්‍රජාල තොප ළඟ දැන් නැතේ...
    කෑලි වලට කැඩුණත් අපි තනි කරන්නෙ නැතේ...
    අපි ඉහළට ගෙන යනවා කරත්තෙ කර පිටේ....
    අපි ඉහළට ගෙන යනවා කරත්තෙ කර පිටේ....

    අපි තාමත් කරත්තේ....
    පූණු ගෙවුනු කරත්තේ...
    කවුද ගොන්නු කරත්තේ....
    අපියි ගොන්නු කරත්තේ..... //


    - තිස්ස ගුණවර්ධන

    ReplyDelete
  3. කඩේ දැන් නත්තලට කඩේ වැඩ කරන අයටයි. බඩු ගන්න අයටයි සැනසිලි තෑගි දෙනවාලු.
    කඩේ සීල් තියලා හරි මුදලාලිව එළියට දාන්න බලමු.

    ReplyDelete
  4. කඩේ වස්සන්න හදන අයට මෙයා කියනවලු කඩවසම් කාරයෝ කියලා. ඒ කියන්නේ ද්‍රෝහියෝලු

    ReplyDelete